දයාසිරි ඇමැතිකම අත හරින්න තීන්දු කරයි…!

July 7, 2021 at 8:55 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කිරීමට කැප වූ ශ්‍රීලනිප පසුපෙළ නායකත්වය මේ වන විට රටේ කිසිදු සංවර්ධන කාර්යක් සඳහා සහභාගී කර නොගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

තමා හඬ නඟන්නේ පක්ෂයේ එම පිරිසේ අයිතිවාසිකම් වෙනුවෙන් මිස කැබිනට් ඇමැතිකමක් වෙනුවෙන් නොවන බව ද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ ය.

එක එක නරි හූ කිව්වට තමන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද ඊයේ (06) සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත් තම පක්ෂය එම තීන්දුව ගන්නා ඕනෑ ම වෙලාවක තීන්දුව ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බවත් ඔහු අවධාරණය කළේ ය.

මේ වන විට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමඟ ද සාකච්ඡා කරන බවත් අවශ්‍ය අවස්ථාවේ සියලු දෙනා එකතු වන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස