දඹුල්ල නගරාධිපති කොවිඩ් ආසාදිතයෙකුගේ ගෙදර ගිහින්….! ෆේස්බුක් පොරක් වෙන්න කළ බාල වැඩක් ලු….!

May 24, 2021 at 7:22 am | by emanisa.lk

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත පසුගිය දිනක කොවිඩ් ආසාදිතයෙකුගේ නිවසට ගොස් විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ඔහු මෙලෙස ගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල්ගොල්ල ගමේ කොවිඩ් ආසාදිතයකු මුණ ගැසීමට ය. මෙහි දී නගරාධිපතිවරයා සම්පූර්ණ කොවිඩ් ආරක්ෂක ඇඳුමකින් සැරසී සිටින අතර නගරසභා සේවකයින් මුව ආවරණයක් පමණක් පැළඳ ඔහුට ආවතේවකම් කරමින් සිටිනු දැකිය හැකිය.

නගරාධිපතිවරයා කොවිඩ් ආරක්ෂණ ඇඳුම අඳින අවස්ථාවේ සිට ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ කිරීමට නගරසභා සේවකයින් යොදවා ඇති අතර එම සියලු ඡායාරූප සහ වීඩියෝ තම ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබේ.

නගරාධිපතිවරයා කොවිඩ් ආසාදිතයෙකුගේ නිවසට ගොස් නගරසභා සේවකයින්ගේ ද ජීවිත අවදානමට දැමීමේ එක ම අරමුණ මාධ්‍ය ඔස්සේ හුදු බාල ප්‍රචාරයක් ලබා ගැනීම බවට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. රට දැඩි කොවිඩ් වසංගත තත්ත්වයකට මුහුණ දෙන පසුබිමක මෙම නගරාධිපතිවරයාගේ ක්‍රියාව සමාජමාධයවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස