දඹර අමිල හිමිට වඩා ජනාධිපතිතුමා මොන තරම් හොඳද?! – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

February 8, 2019 at 10:03 am | by admin

ජාතික නිදහස් දින උළෙලේ දී රටේ අභිමාණය පිළිබඳ කතා නොකර රටේ පවතින ගැටලු පිළිබඳ කතා කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දෝෂාරෝපණය කරන දඹර අමිල හිමියන්ට වඩා ජනාධිපතිවරයා හොඳ යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. සිය ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳ ඔහු තැබූ සටහනක් මෙසේය.

“මේක ඇහුවහම නං තේරෙන්නෙ මෙතුමාට වඩා මෛත්‍රීපාල සිරිසේන කොයිතරම් හොදද කියල. මොකද එයා රට ගැන බොරු කයිවාරු ගහන්නෙ නැතුව ඇත්ත කියනව කියලනෙ මේ අමිල හාමුදුරුවො එයාට බනින්නෙ!!!”

තමා ජනාධිපති වූයේ නම් දෙස් විදෙස් ජනතාව බලා සිටින එම වේදිකාවේ සිට අපේ රටේ මන්දපෝෂණය 0.001%ක් යැයි කියන බව පවසන අමිල හිමි පවසන්නේ නිවැරදි සංඛ්‍යා ලේඛන මහ බැංකුව ඔස්සේ අවශ්‍ය අයට ලබා දෙන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *