දත්ත සඟවන ආණ්ඩුවට කොවිඩ් මර්දනය කරන්න බෑ..! වහා ම විද්‍යානුකූලව රට වහන්න…! – සමන් රත්නප්‍රිය…

August 16, 2021 at 12:41 pm | by emanisa.lk

දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වසා ඉදිරි පියවර ගන්නවා නම් කොන්දේසි විරහිතව ඊට සහාය දෙන්න සෞඛ්‍ය සේවකයින් සැදී පැහැදී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

හරි තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුවට තව මිනී කීයක් අවශ්‍යදැයි ප්‍රශ්න කළ සමන් රත්නප්‍රිය රෝගීන්ගේ ප්‍රමාණය සඟවමින් දත්ත හොර කරන ආණ්ඩුවට කොරෝනා මර්දනය කළ හැකිදැයි සාධාරණ සැකයක් ඇති වන බවද සඳහන් කළේය.

පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *