දත්ත මකා සඟවන්න හැදූ නීලකාස හොරකම් එළියට….! 350 බෙහෙත 55,185ට රජය මිලට අරන්…! ජනතා රුහිරු බිවු ඖෂධ මාෆියාව මෙන්න…! ලැයිස්තුව පිටින් සභාගත කරයි…!

September 22, 2021 at 7:40 am | by emanisa.lk

වෙළෙඳපොළේ අඩු මිලට පැවැති ඖෂධ විශාල ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුව පැවැති සමයේ ඉතා අධික මිල ගණන් ගෙවා රජය මිල දී ගෙන තිබූ ඖෂධ නියාමන හා ඖෂධ නිෂ්පාදන අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (21) පාර්ලිමේන්තුවේ ද ප්‍රකාශ කළේ ය.

එලෙස වෙළෙඳපොළ මෙන් 150 වාරයක් පමණ අධික මිල ගණන් යටතේ මිල දී ගෙන තිබූ ඖෂධ ලැයිස්තුවක් ඇමැතිවරයා සභාගත කළේ ය.

හදිසි මිල දී ගැනීම් යටතේ මෙලෙස අධික මිල ගණන් යටතේ මිලයට ගත් ඖෂධ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පැවැත්වීමට දැනුම් දී තිබේ.

පසුගියදා ඖෂධ නියාමන අධිකාරියෙහි දත්ත ගබඩාවෙන් මකා දමා ඇත්තේ ද මෙම ලැයිස්තුව බව මහාචාර්ය ජයසුමන හෙළි කළ අතර එම දත්ත ගබඩාව නඩත්තු කළ සමාගම ද රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ සමයේ ම පත්කළ එකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස