දත්ත පරණ වුණේ වසංගත රෝග ප්‍රධානි නිසා නෙමෙයි..! ඒකට වග කියන්න ඕන සෞඛ්‍ය ඇමැති…! – සමන් රත්නප්‍රිය…

June 19, 2021 at 10:16 pm | by emanisa.lk

කොවිඩ් මරණ ගැන හෝ ඊට අදාළ නිවැරදි දත්ත වාර්තා ලබා නොදෙන්නේ නම් වසංගත රෝග විද්‍යා ප්‍රධානියා ඉවත් කිරීමට පෙර ජනාධිපතිවරයා කළ යුත්තේ එම දත්ත නිසි ලෙස නොලැබීම ගැන විමර්ශනයක් කිරීම බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

”මරණ 55ක් වාර්තා වුණත් 61ක් වාර්තා වුණත් මේක ඇතුළේ පරණ දත්ත තියෙනවාමයි. දත්ත පරණ කරලා එවපු රෝහල් කාර්යාල මණ්ඩල, රෝහල් ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් වගකියන්න ඕනේ.

වසංගත රෝග විද්‍යා අංශයේත් වැරැද්දක් තියෙනවා. දිගට ම එහෙම ප්‍රමාද වෙලා එද්දී වැරැද්ද කොහෙද කියලා විග්‍රහ කරන්න ඕනේ. තමන්ගේ ඉහළ ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය ලේකම් සමඟ කතා කරන්න ඕනේ.

ඇමතිතුමිය ඉන්න රැස්වීම්වල කතා කරන්න ඕනේ. එහෙම කතා කරලා උත්තර ලැබුණේ නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙම නම් ඉහළ බලධාරීනුත් මේකට වගකියන්න ඕනේ. මේකට වසංගත ප්‍රධානියා ඉවත් කරලා හරියන්නේ නැහැ. කොවිඩ් මර්දනය දැන් කොහොමත් අසාර්ථකයි.”

අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී සමන් රත්නප්‍රිය මෙම අදහස් දැක්වූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *