දඩැල්⁣ලේ ආදාහනයට බාධා කරද්දි අත්අඩංගුවට ගත් චණ්ඩියාට ඇප!

April 11, 2020 at 4:05 pm | by emanisa.lk

ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ මළ සිරුරක් ආදාහනය කරමින් සිටියදි ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද(11) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල දඩල්ල පදිංචි වැල්ලගේ චතුර සුදේශ් හෙවත් ලාරා නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. ‍

මියගොස් ඇත්තේ අකුරැස්ස මලිදුව කොහුගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අංශභාගි රෝගි තත්වය මත ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

එසේ ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධයනයවි පැමිණ සිටි ඔහුගේ පුතෙකු උපස්ථාන කටයුතු සඳහා ලඟ සිට ඇත.

එසේ සිටියදී එම පුතාට කොරෝනා වැළඳිම නිසා අයි.ඩි.එච්.රෝහලට යැවිමෙන් පසු පියා මියගොස් ඇත. එහෙත් පියාට කොරෝනා වැළඳි නැති බව තහවුරුවි තිබුනත් සෞඛ්‍ය බලධාරින් තිරණය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගින්ගේ මළ සිරුරු සඳහා නිකුත් කර ඇති රෙගුලාසි අනුව පියාගේ මළ සිරුර ආදාහනය කිරිමටය.

ඒ අනුව ඊයේ මළ සිරුර දඩල්ල ආදාහනාගාරයේ ආදාහනය කරමින් සිටියදි පැමිණි සැකකරු ආදහනය නතර කරන ලෙසට මරණිය තර්ජන කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් ඔහු අත් අඩංගුවට ගෙන මෙසේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදි.

නඩු විභාගය ජූලි මස 28 වන දින දක්වා කල් තබන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස