දඟ පන්දු රජු මුරලි හෙට වියත්මග වේදිකාවට!

September 7, 2019 at 9:20 am | by emanisa.lk

ලෝකයේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස විරුදාවලි ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වියත්මග සංවිධානය විසින් හෙට (08) කොළඹ දී පවත්වනු ලබන තරුණ සමුළුවට එකතු වීමට නියමිතය.

වියත්මග සමුළුව හෙට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙම සමුළුව පැවැත්වෙන්නේ වියත්මග සංවිධානය මගින් පැවැත්වෙන මහ සමුළුවට පූර්ව සමුළුවක් ලෙසිනි.

වියත්මග සංවිධානය හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සභාපතීත්වය දරන රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් දහස් ගණනක් නියෝජනය කරන සංවිධානයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස