දකුණේ සමාගමට කිලිනොච්චියේ ඉඩම් දෙන්න එපා! – ශ්‍රීධරන් ගොරවයි

April 5, 2019 at 2:15 pm | by admin

කිළිනොච්චියේ පරන්තන් ලූ‍ණු ලේවායට සමීපව තවත් ලූ‍ණු ලේවායක් ඉදි කිරීම සඳහා දකුණේ පෞද්ගලික සමාගමක් විසින් අක්කර සියයක ඉඩමක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කිළිනොච්චියේ බහුජන සංවිධානවල විරෝධය පල වී තිබේ.

කිළිනොච්චියේ එම සංවිධාන විසින් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතාගේද නිර්දේශය සහිතව දිසාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ අදාළ පෞද්ගලික සමාගමට ලූ‍ණු ලේවායක් සඳහා ඉඩමක් කිළිනොච්චියෙන් ලබා නොදෙන ලෙසයි.

දිසාපතිවරයාට යොමු කළ ලිපියේ ඔවුන් සඳහන් කොට ඇත්තේ දැනට කිළිනොච්චිය පරන්තන් ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලූ‍ණු ලේවාය මහා යුද සමයේදී පවා ක‍්‍රියාත්මක වූ බවයි.

අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක් වශයෙන් ක‍්‍රියාත්මක වන එම ලූ‍ණු ලේවායේ සෘජු හා වක‍්‍ර රැුකියා අවස්ථා හාරදහසක් පමණ නිර්මාණය වී ඇති බවත් එම ලූ‍ණු ලේවායෙන් නිපදවෙන ලූ‍ණු තොගය අවශ්‍යතාවයන් සඳහා සෑහෙන බවත් එම ලිපියේ සඳහන් කොට තිබේ.

තවත් පෞද්ගලික අංශයේ ලූ‍ණු ලේවායක් මේ ස්ථානයට නුදුරින් ආරම්භ කළහොත් ඉතාම ඉක්මනින් මෙතෙක් කළක් පැවති ලූ‍ණු ලේවාය වැසී ගොස් එහි රැකියා කරණ පිරිසගේ රැකියා සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් මතුවන බවත් ලිපියේ සඳහන් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *