දකුණේ එජාප මන්ත්‍රී පිරිස වාහන බලපත්‍ර ඉල්ලා එක පෙළට නඩු මඟට!

June 19, 2019 at 1:46 pm | by emanisa.lk

දකුණු පළාත් පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී පිරිස තමන්ට ලැබිය යුතු වාහන බලපත්‍ර ඉල්ලා නඩු මඟට බැසීමට තීන්දු කර තිබේ. සිය වාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා ජනපති, අගමැති, එජාප මහ ලේකම් ඇතුළු මැති ඇමතිවරුන් දැනුම්වත් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා බෙහෙවින් කනස්සල්ලට පත්ව ඇතැයි වාර්තා වෙයි.

නැඟෙනහිර පළාත් හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම දකුණේ හිටපු එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ද වාහන බලපත්‍ර හිමි වන අතර තමන්ට එය අහිමි කිරීම පදනම් කරගෙන මෙම නඩුව පැවරීමට එම පිරිස සාකච්ඡා කර තිබේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ මෙන්ම ඇතැම් ඇමතිවරුන්ගේ කටයුතු ද මොවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

2014 පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 35ක් ද එජාපයට ආසන 14ක් ජවිපෙට ආසන 05ක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 02ක් ද හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස