දකුණේ අහසේ දුර්ලභ සූර්ය ප්‍රභා මණ්ඩලයක්…! මහ නියඟයක සලකුණු බවට අනතුරු ඇඟවීම්ක්…!

July 29, 2021 at 6:45 pm | by emanisa.lk

සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල ජනතාවක් උනන්දු වූ අයුරු ද දක්නට ලැබිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ මෙවැනි තත්ත්වයක් සූර්යා ප්‍රභා මණ්ඩලයක් ලෙස හඳුන්වන බව ය.

ජල වාෂ්ප ඉහළ අහසට ගමන් කිරීමේ දී අයිස් ස්ඵටික බවට පත්ව ඒ මතට සූර්ය ආලෝකය පතිත වීමෙන් සුදු පැහැති ආලෝක වළල්ලක් නිර්මාණය වන බව පවසන මහාචාර්ය චන්දන ජයරත්න මෙවැනි සූර්යා ප්‍රභා මණ්ඩල දිස්වීමෙන් අදහස්වනුයේ අදාළ ප්‍රදේශයට පෑවිල්ලක් ඇති විය හැකි බව යැයි ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස