දකුණු ආසියාව කොරෝනා මැඩලන මහ සටනක! ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස තවමත් පෙරමුණේ!

April 9, 2020 at 11:48 am | by emanisa.lk

මේ වන විට ලොව පුරා බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහුණ පා සිටින අතර බොහෝ දියුණු රටවල එය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

එම රටවල කොරෝනා ආසාදනය වී දහස් ගණනින් මිය ගිය ද පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය සහ ශ්‍රී ලංකාව තවමත් එම රෝග තත්ත්වය සමාජය පුරා පැතිර යාමට ඉඩනොදෙමින් දැඩි ලෙස පාලනය කර තිබීම විශේෂත්වයකි.

මාර්තු මස 23 වෙනිදා සිට එම රටවල කොරෝනා අසාදිතයන් ප්‍රමාණය ගණනය කරමින් සිදුකළ සංසන්දනයක් පහත දැක්වෙයි. මේ රටවල් අතරින් ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව එය නිරීක්ෂණය කිරීමේදී තහවුරු වෙයි.

2020/03/23

1. පකිස්ථානය – 873
2. ඉන්දියාව – 467
3. ශ්‍රී ලංකාව – 95
4. ඇෆ්ගනිස්තානය – 40
5. බංගලාදේශය – 33

2020/04/04

1. ඉන්දියාව – 3082
2. පකිස්ථානය – 2708
3. ඇෆ්ගනිස්තානය – 299
4. ශ්‍රී ලංකාව – 159
5. බංගලාදේශය – 70

2020/04/09

1. ඉන්දියාව – 5916
2. පකිස්ථානය – 4322
3. ඇෆ්ගනිස්තානය – 444
4. බංගලාදේශය – 218
5. ශ්‍රී ලංකාව – 189

අද (09) වන විට කොරෝනා ආසාදනයෙන් ඉන්දියානුවන් 178ක් ද පකිස්ථානුවන් 63ක් ද බංගලි ජාතිකයන් 20ක් ද ඇෆ්ගනිස්ථානුවන් 14ක් ද ශ්‍රී ලාංකිකයන් 07ක් ද මරණයට පත්ව තිබේ.

කෙසේ වුවද මාලදිවයිනේ මෙතෙක් වාර්තා වී ඇත්තේ කොරෝනා රෝගීන් 19ක් වන අතර ඉන් 13 දෙනෙකු සුවපත් වී තිබේ. කිසිවකු මියගොස් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස