දකුණු ආසියාවේ පාසල් සිසුන්ට ටැබ් දෙන එකම රට ලංකාවයි! – අගමැති (video)

July 7, 2019 at 10:28 am | by emanisa.lk

දකුණු ආසියාවේ පාසල් ළමුන්ට ටැබ් දෙන එකම රට ලංකාව බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ලෝකයේ නව යුගය පරිගණක සහ සයිබර් යුගය බවත් ඒ සඳහා අපේ රටේ දරුවන් සූදානම් කළ යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ජාතික පාසල් සිසුන්ට ටැබ් ලබා දෙන්නේ ඒ ලෝකයට ඇතුළු වීමට බවත් පරිගණක අධ්‍යාපනය අනිවාර්ය කරන බවත් අගමැතිවරයා අවධාරණ කරයි.

රටේ අධ්‍යාපනය සම්පූර්ණ නවිකරණයකට ලක් කරන බවත් ඊළඟ අවුරුදු පහේ මෙය තවත් දියුණු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැඟල්ලා විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් පැවසුවේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස