දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කරනවා! – අගමැති

April 4, 2019 at 10:18 am | by admin

දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊයේ (03) බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිළිසකර කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා රටේ සියලු පාසල් ප්‍රතිසංස්කරණයට ලක්කල යුතු බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ හතෛම මෙසේද කීය.

“අප උත්සාහ කරන්නේ මේ රටට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමටයි. ඒ අනුව දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා.”

“රටේ කොපමණ ප්‍රශ්න තිබුණත් රජයට කොපමණ ආර්ථික අපහසුතා පැවතුණත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර අධ්‍යාපනයේ පුළුල් පරිවර්තනයක් ඇති කිරීමට මේ වන විටත් අප පියවර රැසක් ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස