තොන්ඩාගේ සහායත් සජිත්ට!

September 30, 2019 at 7:56 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ ගත් තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසයි.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පී. දිගම්බරන්, වී.එස්. රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක ද මෙයට පෙර සජිත් ප්‍රේමදාසට සහාය දීමට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස