තොණ්ඩමන්ගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව! සෞඛ්‍ය අමාත්‍යංශය තොන්ඩමන් පවුලට දැනුම් දෙයි!

May 30, 2020 at 9:27 am | by emanisa.lk

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනිද්දා (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ඇමති ‍තොණ්ඩමන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.

ඇමති තොණ්ඩමන්ගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස