රසායනික පොහොර තහනමින් කෑල්ලක් රිවර්ස්….! තේ සහ රබර් සඳහා පොහොර ආනයනයට අවසර…!

May 30, 2021 at 8:14 am | by emanisa.lk

රසායනික පොහොර තහනමින් තේ සහ රබර් වගාවන් සඳහා තාවකාලිකව ඉවත් කරන ලෙස ඒ පිළිබඳ විශේෂඥ කමිටුව මගින් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

මෙම අවසරය තේ සහ රබර් වගාවන් සඳහා ලබා දෙන්නේ ඒ සඳහා සුදුසු කාබනික පොහොර ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන තුරු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

වගාවට එකතු කරන රසායනික පොහොරවලින් 70%ක් පසට එකතු නොවන බවත් ඒ සඳහා පොළොව මතු පිට පොහොර දැමීම වෙනුවට පොළොව සිදුරුකර පොහොර යෙදීමට ද මෙම විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබේ.

තේ සහ රබර් වගාවන් සඳහා තාවකාලිකව රසායනික පොහොර භාවිතයට අවසර ලැබුණහොත් ටොන් මිලියන 180ක් වන සමස්ත රසායනික පොහොර තහනම ටොන් මිලියන 150 දක්වා පහත වැටෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *