තේරීම් කාරක සභාව විමර්ශනය කළ යුත්තේ බුද්ධි අංශ වාර්තා නොතකා කටයුතු කළ ජනපති සහ අගමැති පිළිබඳවයි!! – නමෙල් රාජපක්ෂ

May 26, 2019 at 6:39 pm | by admin

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් නැතිව ජාතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කරන්නේ කෙසේ දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසයි.

ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රට අස්ථාවරත්වයට පත්වීමට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයම නොව පසුගිය කාලය පුරා ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එසේම ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම ඇත්තේ විපක්ෂයට නොව පවතින ආණ්ඩුවට බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂය තම රාජකාරියෙන් එහාට ගොස් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

නමුත් ලබා දුන් යෝජනා පවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු පක්ෂයට නොහැකි වී ඇති බවත් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවකින් තොරව කෙසේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කතා කළ හැකිදැයි වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

අද රිෂාඩ් ඇමතිවරයාට විරුද්ධව ගෙනා විශ්වාසභංගය පිළිබඳවවත් විවාදයට නොගෙන තේරීම් කාරක සභාවක් පිළිබඳව ආණ්ඩුව කතා කරමින් සිටින බවත් නමුත් තේරීම් කාරක සභාව සිදුකළ යුත්තේ බුද්ධි අංශ වාර්තා මඟ හැරි ජනපති හා අගමැති පිළිබඳ විමර්ශනය කිරීම බවත් ඒ මහතා කියා සිටියි.

මීට පෙර ගෙනා විශ්වාසභංග පරාජය වීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට පක්ෂපාතී වීම බවත් නමුත් මෙවර විශ්වාසභංගයට හෝ ඔවුන් සහය දීමට ඉදිරිපත් වේ නම් ආණ්ඩුව පරාජය කළ හැකි බවත් නාමල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස