තෙවරප්පෙරුමගේ සවල් ප්‍රහාරයෙන් අත කැඩෙයි! කොන්ත්‍රාත් සමාගමේ සේවකයෙක් රෝහලේ!

July 24, 2020 at 11:54 am | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් එල්ල කළ සවල් පහරකින් බරපතළ තුවාල ලැබූ බව කියන පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර රෝහල් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා පෙරේදා (22) පස්වරුවේ පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්‍ෂණවලදි ඔහුගේ වම්අතේ අස්ථි බිඳී ඇති බව වෛද්‍යවරුන් පවසා ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කළුතරට නළ ජලය සපයන ප‍්‍රධාන සමාගමක් යටතේ කොන්ත‍්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන අයෙකි. ඔහු පසුගිය 22දා වැල්කන්දල හන්දිය ආසන්නයේ තවත් සේවකයන් පිරිසක් සමග සේවයේ යෙදී සිට ඇති අතර පස්වරු 2 ට පමණ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ ඉදිකිරීම් සම්බන්ධයෙන් කොන්ත‍්‍රාත්කරු සමග ආරවුලක් ඇතිකර ගෙන ඇතැයි පැවසේ.

මෙලෙස රෝහල්ගතව ඇත්තේ පිඹුර, අගලවත්ත ලිපිනයේ පදිංචි ප‍්‍රභාත් ලියනාරච්චි නමැති 50 හැවිරිදි දෙදරු පියෙකි. සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ප‍්‍රභාත් ලියනාරච්චි මහතා මෙසේ පැවසීය.

“මම තවත් සේවකයන් පිරිසක් සමග පසුගිය 22දා පස්වරුවේ වැල්කන්දල හන්දිය ආසන්නයේ වැඩකරමින් සිටියා. එතැනට හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇවිත් ‘මේකේ වැලි හොඳ නැහැ. ඉදිකිිරීම් බාලයි’ කියලා විවිධ චෝදනා කළා. ඉංජිනේරු මහත්වරුන් දෙදෙනකුගේ අධීක්‍ෂණය යටතේ වැඩ කරන්නේ. වැලි ගේන්නේ ජලසම්පාදන මණ්ඩලයෙන්. ඒකේ ප‍්‍රශ්නයක් නම් මා එක්ක කථා කරලා වැඩක් නැහැ කියලා මම කිව්වා. හිටපු ඇමැතිවරයා එක්වරම මට පරුෂ වචනයෙන් බැණවැදී එතැන තිබුණුු සවලකින් පහර දුන්නා. මගේ අත කැඩිලා කියලා වෛද්‍යවරුන් කියනව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස