තෙවන රැල්ල එන්න එන්න දරුණු අතට…! අඛණ්ඩව තෙවන දිනටත් වාර්තා අලුත් වෙයි…! මරණ 06ක් සමඟ වැඩි ම ආසාදිතයින් අද…!

April 28, 2021 at 10:23 pm | by emanisa.lk

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1451 දෙනෙකු අද (28) දිනය තුළ හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රමාණය ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩි ම ආසාදිතයින් ප්‍රමාණයයි.

ඒ සමඟ මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 104,938ක් දක්වා ඉහළ යයි.

එසේ ම අද කොවිඩ් ආශ්‍රිත තවත් මරණ 06ක් වාර්තා විය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ‍ගොස් ඇත.

අද දින තවත් ආසාදිතයින් 227 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවපත් වූ පිරිස 95 083 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *