තෙල් සංස්ථාව මසකට බිලියන 70ක් පාඩු ලබද්දි ලංකා IOC මිලියන 876ක් ලාභ උපයයි…!

October 15, 2021 at 2:32 pm | by emanisa.lk

මෙරට ඉන්ධන අලෙවියේ නිරත සමාගමක් වන ලංකා අයි.ඕ.සී. සමාගම 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසාන ලාභාංශය ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව එක් කොටසකට සත 85 ක ලාභාංශයක් නිවේදනය කර ඇත.

2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. මිලියන 876.74 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් ලංකා අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබුණු අතර 2021 වසරේ අප්‍රේල් – ජුනි කාර්තුව තුළ පමණක් සමාගම ලබා තිබූ ලාභය රු. මිලියන 273 කි.

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් 2012 දෙසැම්බර් 17 දින මෙම ලාභාංශ සිය කොටස්කරුවන්ට ගෙවීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය දා (11) පැවති මාධ්‍ය හමුවක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ම පසුගිය අගෝස්තු මාසයේ 31 වන විට රු. බිලියන 70 ක අලාභයක් ඛනිජ තෙල් සංස්ථාවට විඳීමට සිදුව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *