තෙල් විකුණන එක කසිප්පු විකුණන එක වගේ ලේසි නෑ…! – ගම්මන්පිලගෙන් නලීන් බණ්ඩාරට ප්‍රහාරයක්..

June 22, 2021 at 5:20 pm | by emanisa.lk

තෙල් විකිණීම කසිප්පු විකිණීමට වඩා සංකීර්ණ කාර්යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

යහපාලන මිල සූත්‍රය තිබිණි නම් වර්තමාන මිලට වඩා අඩු මිලට ඛණිජ තෙල් ලබාගත හැකිව තිබූ බව නලින් බණ්ඩාර ප්‍රකාශ කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද මංගල සමරවීර හඳුන්වා දුන් v1+v2+v3+v4 මිල සූත්‍රය තමන් සතුව ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එම සූත්‍රය අනුව අද රු. 157ට අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය් රු. 164ක් වන බව ද ඇමැති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (22) පාර්ලිමේන්තුවේ දී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ සඳහන් කළේ ය.

පසුගිය සමයේ නලින් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *