තෙල් මිල සූත්‍ර කමිටුව අද රැස්වෙයි! තෙල් මිල ඉහළට?

February 11, 2019 at 3:49 am | by admin

ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත‍්‍ර කමිටුව අද (11) පස්වරුවේ රැස්වීමට නියමිතව අතර ඉන්ධන මිල අඩු හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් එහි දී තීරණයක් ගනු ඇත.

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණයක් ගනු ලැබේ. කෙසේ වෙතත් ඊයේ (10) නිවාඩු දිනයක් වූ බැවින් අද දිනයේ එම කමිටුව රැස්වීමට නියමිතය.

ඉකුත් ජනවාරී මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය අනුව පෙට‍්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 02 බැගින් අඩු කෙරිණි. ජනවාරි මස මුල ඩොලර් 59ක් වූ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 62 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද පසුගිය සමයේ දිගින් දිගටම අවප්‍රමාණ වූ රුපියල මේ වන විට ශක්තිමත් වෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස