තෙල් මිල වැඩි කිරීමට මම විරුද්ධයි…! ධනපතියන්ට වැඩි පුර බදු ගහන්න ඕන….! – වාසු….

June 22, 2021 at 3:32 pm | by emanisa.lk

තෙල් මිල වැඩි වීමට තම පක්ෂය විරුද්ධ බවත් මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

මිල වැඩි වීමේ බර ජනතාව අතර බෙදී නොයන ලෙස ඉන්ධන මිල වැඩි කර ඇති හෙයින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්‍ෂය විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විශාල සුඛෝපභෝගී වාහනවලට ද එසේ ම යතුරු පැදිවලට ද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බව හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, එහි දී සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස