තෙල් මිල වැඩි කළත් ලාභයක් නෑ..! භූමිතෙල් ලීටරෙන් රු. 335ක පාඩුයි…! – කාංචන…

June 26, 2022 at 10:36 am | by emanisa.lk

අද පෙරවරු 2.00 සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණය කිරීමෙන් පසු එක් එක් ඉන්ධන වර්ග ආනයනය කිරීමේ දී, ගොඩබෑම් ගාස්තු සහිත ලේඛනයක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශයට පත් කර ඇත.

නව මිල ගණන් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.15.57ක්, ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයකින් රු. 68.61ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රු. 20.27ක් ලාභ ලබමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ වුව ද ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක් සහ භූමිතෙල් ලීටරයකින් රු. 334.39කින් තවමත් සිපෙට්කෝ සමාගම පාඩු ලබමින් සිටින බව ද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.

සිපෙට්කෝ සමාගම අද උදෑසන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දැමුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *