තෙල් මිල වැඩි කර ජනතාව පීඩාවට පත් කිරීම වැරදියි…! බලශක්ති ඇමැති ගම්මන්පිල වහා ම ඉල්ලා අස්වනු….! පොහොට්ටුවෙන් නිවේදනයක්….

June 12, 2021 at 8:47 pm | by emanisa.lk

ජනතාව අසීරුතාවට පත්වන ආකාරයට තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තැනට ආණ්ඩුව පත්කළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තෙල් මිල ඉහළ නැංවීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විෂයභාර අමාත්‍යවරයා බව ය.

සිය පක්ෂයේ නායකත්වය අප්‍රසාදයට ලක් කිරීමේ අපේක්ෂාවක් මේ පිටුපස තිබේ ද යන සැකය මතු වන බව ද එහි සඳහන් වෙයි.

කොවිඩ් උවදුර නිසා දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මත තෙල් මිල ඉහළ නැංවීම ඔස්සේ අතිරේඛ පීඩනයක් ඇති නොකළ යුතු බව එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස