තෙල් මිල නිසා බෙදුණු ආණ්ඩුව සමගි කළේ සජිත්ලගේ විශ්වාසභංගයයි….! නැව ගොඩ ගත්තත් මේ ආණ්ඩුව ගොඩගන්න බෑ…!- රනිල්…

June 20, 2021 at 11:11 pm | by emanisa.lk

සංඝයා වහන්සේලා ජනතාව සහ පක්ෂ නායකයින්ගේ බලපෑම මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

2015 මහින්ද රාජපක්ෂ පරාජය වූ අවස්ථාවේ ඔහුට මැදමුලනට යාමට හෙලිකොප්ටරයක් ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන බවත් හෙතෙම අනාවරණය කරයි.

තෙල් මිල ඉහළ දැමීම නිසා ආණ්ඩු පක්ෂය දෙකට බෙදීමක් සිදු වුව ද සමගි ජන බලවේගය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකළ විශ්වාසභංගය නිසා ආණ්ඩුව නැවත සමගි වූ බවට හෙතෙම චෝදනා කරයි.

නෛතික පදනම අනුව තෙල් මිල වැඩි කිරීම ජනාධිපතිවරයාගේ මෙන් ම මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව තෙල් මිල ඉහළ දැමිය නොහැකි බවත් එහෙයින් සමස්ත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් එජාප නායකයා ප්‍රකාශ කරයි.

මේ වන විට ජනතාවට ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද එපා වී ඇති බවත් සජිත් ප්‍රේමදාස විකල්පයක් නොවන බවත් ගිලුණු නැව ගොඩ ගත්ත ද වර්තමාන ආණ්ඩුව ගොඩගත නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස