මේ වනවිට ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය නිසා ඉන්ධන පිරවුම් හල් අසල අලුත් කණ්ඩායමක් ඇතිවී සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“මේ රටේ මාධ්‍ය මඟින් තෙල් පෝලිම්වල උතුරන මනුෂ්‍යත්වය පෙන්වන්නේ නැහැ. අර හෙල්මට් බලකායෙන් ඇවිත් අල්ලන ගෝරිය විතරයි පෙන්වන්නේ. දැන් හෙල්මට් බලකායක් ඉන්නවානේ තෙල් පෝලිමේ. ඒ අය වෛරයෙන් ඉන්නවා වගේ පෙනෙනවා නම් මොකක්හරි ‘පොයින්ට් එකක්’ දාලා ගෝරි අල්ලන.
නමුත් තෙල් පෝලිමේ තිබෙනවා උතුරන මනුෂ්‍යත්වයක්. කෑම එකක් ගෙනැවිත් හතරදෙනෙක් බෙදාගෙන කනවා, තැඹිලි ගෙඩිය බෙදාගෙන බොනවා.
එතැනදී අලුත් මානව සබඳතාවන් ගොඩනැගෙනවා. මම මේ කියන්නේ තෙල් පෝලිම හොඳයි කියලා නොවෙයි. අපේ මිනිස්සු මේ විපතටත් මුහුණදෙන්නෙ ධනාත්මකව.
එහෙම මිනිස්සු ඉන්න රටක අපට ඇයි මේ ආර්ථික අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කරගන්න බැරි. අර්බුදය, පුනරුදය බවට පෙරළාගන්න පුළුවන්.
අපට ලකුණු දාගන්න ඕනෙ නැහැ. කවුරු ලකුණු දාගත්තත් අපට කමක් නැහැ. නමුත් අපට තිබෙන වේදනාව මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පෙරළාගන්නා බවක් පෙනෙන්නට නැති වීමයි.
එහෙම දැක්මක්, නායකත්ව මගපෙන්වීමක්, උපායමාර්ගික සැලැස්මක් ඇති බවක් අපට පෙනෙන්නේ නැහැ”