නියමිත වෙලාවට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට මේ බව දන්වා ඇතැයි පවසන ඔහු මීළඟ ඉන්ධන නැව පැමිණීමේ දිනයන් සදහන් කිරීමට නොහැකි බවත් පවසයි.
ඒ අනුව මීළඟ බොරතෙල් නැව පැමිණෙන තෙක් සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දමන බවත් හෙතෙම කියා සිටියි.
මීළඟ ඉන්ධන නැව පැමිණි වහාම විදුලි බල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් දැනට සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන තොග ලබන සතිය පුරා අත්‍යවශ්‍ය සේවා සදහා සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් ඔහු පවසයි.
ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වලකින ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙයි.