ලංකාවට තෙල් ටැංකි දෙන්නේ නෑ…! එහෙම එකඟතාවක් නෑ…! – ඉන්දියාව කියයි…

February 19, 2021 at 7:38 am | by emanisa.lk

තිරිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශ්‍රී ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත.

මෙම තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල ප‍්‍රකාශ කර තිබිණි.

එහෙත් ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ශ්‍රී ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.

2003 වසරේ දී එවකට පැවැති එ.ජා.ප. රජය විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය අයි.ඕ.සී. සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

ඉන්දීය රජය ති‍රිකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි ඉන්දිය නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද තහවුරු කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *