තුෂාන්ගේ චෝදනා හරි…! සුදුලූනු වංචාව ගැන සතොස ලොක්කෝ දැනුවත්ව ඉඳලා….!

September 30, 2021 at 10:16 am | by emanisa.lk

විවාදයට තුඩු දුන් සුදු ලූනු තොග අළෙවිය සම්බන්ධයෙන් ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය දැන සිටි බව අභ්‍යන්තර ලේඛන අනුව තහවුරු වන බව වාර්තා වේ.

වරාය අධිකාරියෙන් මෙම සුදු ලූනු තොගය ගැන පසුගිය සැප්තැම්බර් 7 වැනිදා ලක් සතොසට දන්වා ඇති අතර තත්ත්ව පරීක්ෂකවරුන් විසින් එය එදිනම පරීක්ෂාවට ලක්කරනු ලැබ තිබේ.

ජූලි 14 වැනිදා වරායට සේන්දු වූ කන්ටේනර් දෙකක අඩංගු මෙම සුදු ලූනු තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට එහි දී සහතික කර ඇත.

මෙහි වැදගත්ම කරුණ වන්නේ තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශවලට අදාළ ලේඛන ලක් සතොසේ ඉහළ කළමනාකාරිත්වය අතරේ හුවමාරු වී තිබීමය.

තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ සහිතව සහකාර කළමනාකාර(තත්ත්ව සහතික) දුලාංජි රන්දෙනිවල විසින් ජ්‍යෙෂ්ඨ කළමණාකරු (තත්ත්ව සහතික) චමිල බොතේජු හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) චමිල අසුරමාන්න හා ජ්‍යෙෂ්ඨ කළමණාකාර(ලොජිස්ටික්ස්) ආර්.එස් ප්‍රනාන්දු වෙත යොමු කළ ලිපිය මගින් හා තවත් ලේඛනවලින් මෙම කරුණ අනාවරණය වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *