තුවාල ලැබූ ජීවිතයක් බේරගමු! රුධිරය බිඳක් දන්දෙමු! රට පුරා මධ්‍යස්ථාන 05ක්!

April 21, 2019 at 12:58 pm | by admin

දැනට පවතින හදිසි තත්ත්වය මත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී රුධිර අවශ්‍යතාව වැඩි වී ඇතැයි ද රුධිර හිඟයක් ඇති විය හැකි බව ද ජාතික ලේ දන්දීමේ සේවය පවසයි.

පවතින රුධිර සංචිතය අඩු වී ඇති බැවින් මේ අසීරු අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කළ හැකි නම් නාරාහේන්පිට මධ්‍යස්ථානයට පැමිණෙන මෙන් ලේ දන්දීමේ සේවය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

මීට මඩකළපුව, පොළොන්නරුව, මීගමුව, ත්‍රිකුණාමලය යන රෝහලවල ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කළ හැකි බව එම නිවේදනයේ සඳහන් ය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ද රුධිර පරිත්‍යාගශීලීන්ට රුධිරය ලබා දෙන ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *