තුන්වෙනි කොවිඩ් රැල්ල හැල්මේ ඉහළට ඇදෙයි….! පිට පිට තෙවන දිනටත් ආසාදිතයින් 1500 පනී…!

May 1, 2021 at 10:30 pm | by emanisa.lk

අද (01) දිනය තුල සමස්ත කොවිඩ් ආසාදිතයින් 1716ක වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එය ලංකාවෙන් මෙතෙක් වාර්තා වී වැඩි ම දෛනික ආසාදිතයින් ප්‍රමාණයයි.

අඛණ්ඩව තෙවන දිනටත් මෙරටින් ආසාදිතයින් 1500 ඉක්මවා වාර්තා වීම භයානක තත්ත්වයකි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන 109862 දක්වා ඉහළ ගියේය. කොවිඩ් ආශ්‍රිත මරණ 09ක් අද වාර්තා වී ඇති අතර ඒ සමඟ සමස්ත කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 687 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ දී ආසාදිතයින් 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *