තීන්දුවෙන් පොහොට්ටුව දෙකඩ වෙයි.. රාජපක්ෂලා හුදෙකලා සටනක…!

July 31, 2024 at 9:28 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග රාජපක්ෂ පවුල හැර පක්ෂයේ සෙසු සියලු ම ප්‍රබල චරිත පාහේ රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් සිටිති.

මේ සමග පාඨලී චම්පික රණවක වැනි උග්‍ර රාජපක්ෂ විරෝධීන්ට ද රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට අවස්ථාව උදා වී ඇති අතර පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ඔවුන් ද සිය ස්ථාවරයන් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *