තිළිණි සැප වාහනයක් පූජා කළා ද..? ඥානසාර හිමිගෙන් CIDය ප්‍රශ්න කරයි…

November 13, 2022 at 10:50 am | by emanisa.lk

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර කරගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තිළිණි ප්‍රියමාලී සිය ව්‍යාපාරික මිතුරියක වන ජානකි සිරිවර්ධන සමග පැවැත් වූ එක් දුරකතන සාකච්ඡාවක දී ඥානසාර හිමියන්ගේ වාහනයක් සඳහා මුදල් ගෙවූ බව ද ප්‍රකාශ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *