තිස්ස ගල් ලෙන බිඳින්න සූදානම්…! පෙරහැරේ කසකරුවා වෙමින් ආණ්ඩුවෙන් දොට්ට…!

November 13, 2021 at 3:57 pm | by emanisa.lk

මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව ද තිස්ස විතාරණ පෙන්වා දෙයි.

එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බව ද ඔහු සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය. තමන්ට ඇමැති ධූරයක් ලබා නොදීම පිළිබඳ ඔහු මෙයට පෙර විරෝධය දක්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *