තිරිඟු පිටි මිල වැඩි කරන තීන්දුව හකුළා ගනී….! බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම නවතී….!

July 9, 2021 at 5:57 pm | by emanisa.lk

සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක මිල රු. 18කින් ඉහළ නංවන බව පසුගියදා ප්‍රකාශ කළේ ය.

එහෙත් අදාළ තීන්දුවට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරීය නඩු පැවරීමට තීන්දු කළේ ය.

මේ පිළිබඳ සෙරන්ඩිබ් සමාගම සහ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර සමාගම මිල ඉහළ නැංවීමේ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට එහි දී එකඟ වී තිබේ.

ප්‍රිමා සමාගම මෙතෙක් කිසිදු මිල ඉහළ නැංවීමක් ප්‍රකාශ කර නොමැති අතර අදාළ සමාගම් මුහුණ දෙන ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමු කිරීමට ද රාජ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇත.

මේ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය ගත් තීන්දුව හකුළා ගැනීමට සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *