තිරිඟු පිටි මිල රු. 18කින් ඉහළට….! පාන් ගෙඩියක් රු. 10කින් නඟී…..!

June 30, 2021 at 6:02 pm | by emanisa.lk

තිරිඟු පිටි කිලෝ 50ක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

සෙරන්ඩිබ් ආයතනය ගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති බව සභාපතිවරයා අනාවරණය කළේ ය.

ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර මිලකින් ඉහළ දැමූ බව ද සභාපතිවරයා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *