තිරිකුණාමල තෙල් ටැංකි තුනක් රු. 50ක බද්දට අවු. 55කට බදු දීලා…!

November 27, 2021 at 9:37 am | by emanisa.lk

තිරිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රයේ ඇති තෙල් ටැංකි 99න් 3ක් වසරකට රුපියල් 50/-ක බද්දකට ප්‍රිමා සමාගමට පවරා දී ඇතැයි ඒ ගැන කළ විශේෂ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත.

මෙලෙස ප්‍රීමා සමාගම සහ රජය අතර අත්සන් කළ ගිවිසුම අනුව ඔවුන්ට ජලය ගබඩා කර ගැනීම සඳහා වසර 55ක කාලයට මෙම බදු දීම සිදු කර තිබේ.

රුපියල් 50/-ක මුදලට මෙම තෙල් ටැංකි බදු දීම සිදුකර ඇත්තේ වසර 2001 දී පැවැති එජාප ආණ්ඩුව මගිනි. එහෙත් එම ගිවිසුම වෙනස් කිරීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නෙමෙැත.

2001 දී රුපියල් 50/- බැගින් ප්‍රීමා සමාගමට තෙල් ටැංකි තුනක් බදු දීමෙන් පසු වසර 2003 දී ඉතිරි තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට බදු දී ඇත්තේ එක් තෙල් ටැංකියක් වසරකට අමෙරිකානු ඩොලර් 1000කට හෙවත් වර්තමාන වටිනාකම අනුව රු. ලක්ෂ 02ක මුදලක් සඳහා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *