තිරිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවටම සින්න වෙයි! රටට අලුත් තෙල් ගබඩා සංකීර්ණයක්!

July 28, 2020 at 9:28 am | by emanisa.lk

අමතර ඉන්ධන තොග ගබඩාකර ගැනීම සඳහා තිරිකුණාමලයේ අතහැර දමා ඇති ඉන්ධන ටැංකි විසි පහ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නහොත් ඒවා අලුත්වැඩියා කිරීමට පමණක් රුපියල් කෝටි 200 ක් වැය වන බවට ගණන් බලා ඇත.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ අනූ නව අවුරුදු බදු පදනම යටතේ තිරිකුණාමලයේ ඇති ඉන්ධන ටැංකි සහිත අක්කර 840 ක් ඉන්දියාවට බදු දෙන ලදී.

මෙම ටැංකි අතරින් දැනට පාවිච්චි නොකරන ටැංකි 25 ක් අමතර ඉන්ධන තොග ගබඩාකිරීම සඳහා රජය විසින් මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් පසුගිය කාලයේ ඉල්ලා සිටියේය. එහෙත් මෙම ටැංකි ඉතා අබලන්ව පවතින නිසා ඒවා සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ යුතුව ඇති බවද ඒ සඳහා රුපියල් කෝටි 200 ක් පමණ වැය වන බවද තක්සේරුකර තිබේ.

මේ පිළිබඳ අවධානය යොමු කළ ඇමැති මහින්ද අමරවීර ඉන්දියාවෙන් මෙම ටැංකි ලබා ගෙන අලුත්වැඩියා කරනවා වෙනුවට අලුතින් ටැංකි පද්ධතියක් ඉදිකිරීමේ හැකියාව සොයා බලන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අලුතින් ටැංකි ඉදිකිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සුදුසු ඉඩමක් ලබාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *