තිරිකුණාමලේ පොහොට්ටුවේ මනාප ගැටුමක්! පුංචිනිලමෙගේ ආධාරකරුවෙකුට ප්‍රහාරයක්!

July 23, 2020 at 12:24 am | by emanisa.lk

තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂ සුසන්ත පුංචිනිළමේගේ ආධාරකරුවෙකුට කිසියම් පිරිසක් පහර දී තිබේ. මැර පිරිසක් ඔහුගේ කායවර්ධන මධ්‍යස්ථානයට කඩාවැදී එහි සේවය කරන පිරිසකට ද පහර දී ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එම පක්ෂයේම අපේක්ෂිකා ආරියවතී ගලප්පත්ති මාතර ප්‍රදේශයෙන් ගෙන ආ මැර කල්ලියක් විසින් සිදුකළ බවට සුසන්ති පුංචිනිළමේ චෝදනා කරයි.

කෙසේ වුවද ආරියවතී ගලප්පත්ති පවසන්නේ එය පෞද්ගලික ආරවුලක් බවත් ඒ සඳහා තමාගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *