තාත්තාට සමුදුන්න විදිහ හොඳයම මදියි! කොරෝනා ඉවර වුණාම විශිෂ්ට ලෙස සමරනවා! – ජීවන් තොණ්ඩමන්

May 31, 2020 at 10:45 pm | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන ආරුමුගම් තොණ්ඩමන්ට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් පවසයි.

මේ ආකාරයෙන් අවසන් ගෞරවය දැක්වීම තමන්ට කනගාටුවක් වන නමුත් රටේ ආරක්ෂාව වඩා වැදගත් බවත් ඔහු පැවසීය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල උත්සවයේ ස්තුති කතාව පවත්වමින් ඔහු මේ අදහස් පල කළේය.

කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරන බවද ඔහු පැවසුවේය.

තම පියා පවා මේ ආකාරයෙන් සමුගැනීමකට කැමති නොමැති බවද පැවසූ ඔහු තම පියාට ලබාදුන් සහයෝගයට උඩරට දෙමළ ජනතාවට ස්තුතිය ද පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස