තාත්තට මඩ ගහන්න මාත් සම්බන්ධ කරල…! ශැංග්‍රිලා විවාහයත් පස්සර ගිය කතාවත් බොරු….! – ඇමැති වීරසේකර පුත් වෛද්‍ය සචිත්‍ර…

June 9, 2021 at 8:15 am | by emanisa.lk

තමාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ “Shangri-La” හෝටලයේ නොව තමාගේ පෞද්ගලික නිවසේ දී බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකර පවසයි.

නිරෝධායන නීති රීතිවලට අනුව එම උත්සවය සංවිධානය කෙරුණේ පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව වන අතර තමාගේ බිරිය නිළියක් නොව වෘත්තියෙන් ඉංජිනේරුවරියක් ද වන බව ද ඔහු සඳහන් කරයි.

“තාත්තාට මඩ ගහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. එහි එක් කොටසක් ලෙස ඊට මාවත් සම්බන්ධ කරලා. මම වෛද්‍යවරයෙකු ලෙස පොලිසියේ සේවය කිරීම ඊට තවත් වාසියක් වෙලා. ඊට අමතරව මාගේ විවාහ ගිවිස ගැනීම 2021.05.28 වැනිදා සිදු වීම ඊට එක් හේතුවක් වෙලා.්

මගේ විවාහ ගිවිස ගැනීම සිදු වූයේ මගේ පෞද්ගලික නිවසේයි. නිරෝධායන නීති රීතිවලට අනුව එම උත්සවය සංවිධානය කෙරුණේ පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුවයි. නමුත් මගේ ඒ විවාහ ගිවිස ගැනීමේ උත්සවය “Shangri-La” හෝටලයේ පැවැත් වුණු බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

ඊට අමතරව මගේ බිරිඳගේ හැඩ ගැන්වීම් කටයුතු කළේ චන්දිමාල් ජයසිංහ කියාත් මගේ බිරිඳ නිලියක් කියාත් එම සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා. මේ සියල්ලම බොරු. මගේ බිරිඳ අතීතයේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වුවත් ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියක් බව කිව යුතුයි. ඇය හෝ මම මේ කියන කිසිවෙකු අඳුනන්නේ නැහැ.

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන නිසා විවාහ ගිවිස ගැනීමෙන් පසුව කොළඹ පොලිස් රෝහලේ සේවයට වාර්තා කළා. එසේ නම් මම පස්සර යන්නේ කෙසේද..? එහෙම යන්න නම් මම නිවාඩු ගන්න එපැයි. ඒ වගේ ම ඒ නිරෝධායන මධ්‍යස්ථනයේ “Log Book” එකේ මගේ නම ලියවිලා තිබිය යුතුයි නේද..? මේ සියල්ල කිසි ම පදනමක් සහ සත්‍යතාවක් නොමැති මඩ ප්‍රචාර විතරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස