ත්‍රිවිල් සංගමේ සභාපති මැරුණේ ආණ්ඩුවේ වරදින්! – සජිත්

June 11, 2020 at 4:37 pm | by emanisa.lk

ත්‍රීරෝද රථ සංගමය සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහමග ඝාතනයට ලක් ව ඇත්තේ ආණ්ඩුවේ වරදින් බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලිසිං සහන ලබාදෙන බව ප්‍රකාශ කළ ද එය ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුම්වත් නොකිරීම නිසා මෙම මරණය සිදුවී ඇති බවද ඔහු පවසයි.

ආසන්න කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවත් මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බවත් ඔහු කියා සිටී.

කල්බදු සමාගමක පිරිසක් විසින් සිදු කළ පහර දීමකින් සුනිල් ජයවර්ධන මිය යාම ගැන මාධ්‍ය සඳහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ පැවසීය.

කෙසේ වුවද නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි චමිල් ඉන්වෙස්ට්මන් නම් මෙම ලීසිං සමාගම මහ බැංකුව යටතේ ලියාපදිංචි වූ ආයතනයක් නොවන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස