ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බව කීම වැරදියි…! ඉස්පිරිතාලෙන් බෝම්බ ඇල්ලීම අවාසියි…! එතකොට රටට සංචාරකයෝ එන්නේ නෑ….! – ජවිපෙ…

September 18, 2021 at 4:46 pm | by emanisa.lk

කොවිඩ් තත්ත්වය පහව යමින් සංචාරක ව්‍යාපාරය නැවත ඉහළ නැඟීමේ අවස්ථාවට රට පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රටට නැවත ඩොලර් ටිකක් උපයාගත හැකි එක ම මාර්ගය සංචාරක ව්‍යාපාරය බව ද එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පෙන්වා දෙයි.

එහෙත් පාස්කු ප්‍රහාරය වැනි තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ප්‍රසිද්ධ නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීම ඊට අවාසිදායක ලෙස බලපාන බව ද ඔහු අවධාරණය කරයි.

එසේ ම ප්‍රධාන රෝහල්වලින් බෝම්බ හසු වෙද්දී රටට සංචාරකයින් පැමිණෙනු ඇත්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මේ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ද නලින් හේවගේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *