ත්‍රස්තවාදී අවධානම අවසන් කියලා කවුරු හරි කියනවා නම් ඒ නොම්මර එකේ මෝඩයෙක්! – සරත් ෆොන්සේකා (video)

June 25, 2019 at 10:05 pm | by emanisa.lk

ඉන්දියාව සහ රුසියාවේ බුද්ධි අංශ ‌ශ්‍රී ලංකාවේ තත්ත්වය භයානක බවට මත පළ කර තිබියදී ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට සහ එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් වී ඇති බවට අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පිළිගත ‌නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද හෙතෙම කියා සිටියේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි බවත් මේ සම්බන්ධයෙන් විමසීම් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට බලය ඇති බවත් කිසිවකු නොපැමිණියහොත් එය නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ (24) දින කැලණියේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.‌

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස