ත්‍රස්තවාදවට මඩින්න බටහිර බලපෑම් නොතකා දැඩි නීති! ත්‍රස්තවාදීන්ට සමාව දීම සපුරා තහනම් කෙරේ!

June 7, 2020 at 11:25 am | by emanisa.lk

බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් නොතකා මෙරට ත‍්‍රස්ත මර්දන පනතට නව නීතිරීති ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

පාස්කු ප‍්‍රහාරය ගැන සිදුකරන පරීක්ෂණවලදී ආරක්ෂක දුර්වලතා රැසක් අනාවරණය වී ඇති අතර ත‍්‍රස්ත ක්‍රියා සිදුකරන සංවිධාන තහනම් කිරීම සහ එම සංවිධාන මෙහෙයවන ත‍්‍රස්තයන් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් විමසීමට ද සිදුවී ඇතැයි රජයට වාර්තා වී තිබේ.

ගතවූ වසර පහ තුළදී ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද්‍රවිඩ සන්ධානය – ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි උත්සාහයක නිරත විය.

ජනතාවගේ ආරක්ෂාව උදෙසා ත‍්‍රස්ත සංවිධාන සහ ත‍්‍රස්ත ක්‍රියාකාරීන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සහ දිගු
කලක් තිස්සේ රඳවා ගැනීම සඳහා වූ නීතිරීති ද පැන වේ. එසේම ත‍්‍රස්තවාදීන්ට සමාව ලබාදීමට ද නව පනතින් තහනම් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස