ත්‍රස්තවාදය පරාජය කර එකම ජාතියක් ලෙස ජීවත්විය හැකි රටක් හැදුවේ රාජපක්ෂ ආණ්ඩුවයි! – ගෝඨා

October 25, 2019 at 8:45 am | by emanisa.lk

පශ්චාත් යුද සමයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ රජය දෙමළ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බවත්, මෙරට ජීවත් වන සියලුම ජනතාවට එකම ශ‍්‍රී ලාංකික ජනතාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කළ බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

එම රජය ජනතාව වෙනුවෙන් සේවය කරද්දි උතුරේ නායකයන් ඊට විරුද්ධ වූ බවත්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පෙරේදා (23) පැවති ජනහමු අමතමින් ඔහු කීවේය.

ත‍්‍රස්තවාදය අවසන් කර සියලු ජාතීන්ට බියෙන්, සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු වාතාවරණයක් හදන්න පියවර ගත් බවත්, යුද්ධය ජය ගත්තාට වඩා පශ්චාත් යුද සමයේදී ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගත් බවත් පෙන්වා දුන්නේය.

එසේ වුවත් ඇතැමුන් බොරු ප‍්‍රචාර ගෙන ගොස් ජනතාව මුලා කිරීම නිසා ජනතාව අද දුකට පත්ව සිටින බවත්, යළිත් වරක් යුතුකම් ඉටු කරමින් සෞභාග්‍යවත් රටක් සුරක්‍ෂිත දේශයක් බිහි කරන්නට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස