ත්‍රස්තවාදයට විසඳුම් ලැබෙන තුරු වෙසක් පොසොන් කිසිවක් එපා! ත්‍රස්තවාදීන් පන්සල් 50ක මරාගෙන මැරෙන්න සූදානම්! – ඥානසාර හිමි…

April 29, 2019 at 3:09 pm | by admin

බෞද්ධ විහාරස්ථාන පනහකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්වාදීන් සැලසුම් කරන හෙයින් ආරක්ෂා වන ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඒ හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට.”

රට පුරා බුර්කා, කාති උසාවි, මද්රාසා පාසල් පිහිටුවමින් ඉස්ලාම් වහාබ් අන්තවාදය ව්‍යාප්ත කරන බවත් ඒ ඔස්සේ නුදුරේදීම ISIS ත්‍රස්තවාදීන් මේ රටට මහා වසංගතයක් වන බවත් ඥානසාර හිමි දිගින් දිගටම පෙන්වා දුන් අතර එහි ප්‍රතිඵලය ලෙස එහිමියන්ට ජාතිවාදී ලේබලය ඇලවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස