ත්‍රස්තවාදයට මුහුණ දෙන කොන්ද පණ නැති නායකයෝ ඉවත් කරන්න සූදානම්! නමුත් රටට උවමනා පවුල්වාදයෙන් එන ඒකාධිපතියෙක් නෙමෙයි! – ඇමති පාඨලි

May 15, 2019 at 9:18 am | by admin

ත්‍රස්තවාදය ඉදිරියේ පළා යාමට හෝ දෙදණ නැමීමට දරුවන් සඟවා ගෙන සිටීමට නොහැකි බවත් වර්තමාන තත්ත්වයට මුහුණ දීමට කොන්ද පණ නැති පුද්ගලයන් ඉවත් කිරීමට සූදානම් බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘ජාතික මග’ රට රකින, රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට සහභාගී වෙමිනි.

එහි දී ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“අපේ මේ රටේ ඉතිහාසයේ වැදගත් ජනාධිපතිවරණයක් අනාගතයේ එනවා. අද රටට අවශ්‍ය එයයි. රටට අවශ්‍ය ඒකාධිපතියෙක් නෙමෙයි.
පවුල්වාදයෙන් හෙම්බත් වෙච්ච රටක අවශ්‍යතාවය, එවැනි ක්‍රියාවලියකින් මතුවන පුද්ගලයෝ නෙමෙයි.”

“අද රටට අවශ්‍යතාව දේශපාලන භේදයකින් තොරව හැම පක්ෂයකම සිටින නිපුණතාවත් කුසලතාවත් හැකියාවත් එක්ක මේ රටේ පැතිරී සිටින වෘත්තීයවේදීන් පුළුල් එකමුතුවකින් මේ ත‍්‍රස්තවාදය ජයගෙන, මේ රටේ ජනතාවට තමන්ට සුදුසු ප‍්‍රජාතන්ත‍්‍රික විදිහට ඊළඟ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය පාලනය තෝරාගැනීමට ඉඩදීමයි.”

“ඒ සඳහා ඉදිරි කාලයේදී සෑම නගරයකම, සෑම වැඩ බිමකම, සෑම ස්ථානයකම සංවිධානය වෙන්නැයි කියා ඔබෙන් ඉල්ලා සිටින අතර අපි ඔබ සමග එකතුව ඒ ගමන යාමට අධිෂ්ඨානයෙන් පියවර තබන ප‍්‍රකාශ කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස